― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsජනපති ගුවනින් යාපනයේ ගියේ නැහැ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ජනපති ගුවනින් යාපනයේ ගියේ නැහැ – ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ගුවන් හමුදා යානා තුනක් යොදාගත් බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා පසුගිය 31 වැනි දින සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කිසිදු යානයක් භාවිතා නොකළ බවයි. ඒ වෙනුවට එතුමා තම නිල මෝටර් රථයෙන් එම සංචාරය සිදු කළ බව නිවේදනයේ සඳහන් කර තිබේ.