31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේශීය සහල් සිල්ලර මිල ඉහළට

දේශීය සහල් සිල්ලර මිල ඉහළට

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ජනවාරි මස අවසන් සතියේ නිකුත් කළ සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවට අනුව දේශීය සහල් වර්ගවල සිල්ලර මිල ඉහළ ගොස් තිබේ. මෙහිදී රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2024/25 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ සියලුම වී වර්ගවල මිල ගණන් පහළ බැස ඇති බව එම වාර්තාවේ දැක්වේ.

තොග සැපයුම අඩුවීම හේතුවෙන් නාඩු සහල් මිල සියයට 4-5 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, නාඩු සහල් කිලෝවක් රුපියල් 230-240 අතර මිල පරාසයක අලෙවි වී තිබේ. වෙළඳපොළේ සම්බා හා රතු කැකුළු සහල් හිඟයක්ද පැවති බව වාර්තාවේ සඳහන් වේ.

2024 වසරට සාපේක්ෂව සහල් තොග මිල සංසන්දනය කිරීමේදී නාඩු දෙවන ශ්‍රේණියේ සහල් මිල සියයට 13 කින් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා සහල් මිල සියයට 26 කින් පහත වැටී තිබේ. රතු කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල සියයට 55 ක සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.