31 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගණේමුල්ල සංජීව අවසන් ගමන් යැවු ඝාතකයා නම් රැසක් භාවිතා කරලා

ගණේමුල්ල සංජීව අවසන් ගමන් යැවු ඝාතකයා නම් රැසක් භාවිතා කරලා

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අද (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පිළිබඳව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා නම් කිහිපයකින් හඳුන්වා ඇති බවයි.

සැකකරු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබී ඇති අතර, ඒ අතර නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට සකසා ඇති ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක්ද තිබී ඇත.

සැකකරු මුලින් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනී සිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතා කර තිබේ. තවද, ඔහු සතුව තිබූ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතෙහි කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම සඳහන්ව තිබී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූ පරිදි, ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු මෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරුද අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බව ඔහු අවධාරණය කළේය.