28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්ෆිය රුසියන් කතට මරු කැඳවයි

සෙල්ෆිය රුසියන් කතට මරු කැඳවයි

රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි.

මියගිය තැනැත්තිය පර්මිනෝවා ඔල්ගා (Perminova Olga) නම් වන අතර ඇයට වයස අවුරුදු 53ක් බව පොලිසිය තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණි ඇය, අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් පොඩිමැනිකේ දුම්රියට නැගී ඇල්ල බලා ගමන් කරමින් සිටියදී බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතරදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.