30 C
Colombo
Tuesday, March 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅභිරහසක් ඉතිරි කරමින් ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ

අභිරහසක් ඉතිරි කරමින් ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ

අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් හැඳල වත්තල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 27 වැනිදා උදෑසන 9.45 ට පමණ වත්තල පොලිසියට දුරකථන ඇමතුමක් හරහා පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවත් එම නිවසෙහි අයිතිකරු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බවයි. සැකකටයුතු යමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම දුරකථන ඇමතුම ලබා දුන් බවයි පැමිණිලි කළ පුද්ගලයා සඳහන් කර තිබෙන්නේ.

පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා, අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සැක සහිත නිවස ස්ථානීය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. එහිදී නිවසේ හිමිකරු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික කරුණු අනාවරණය වූයේ.

මෙලෙස මියගොස් ඇත්තේ පනස්හය හැවිරිදි චම්ලි හර්මන් ගෝමස් නමැති ව්‍යාපාරිකයෙක්. මරණකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු දරුවන් තිදෙනකුගේ පියෙක්. නීතියෙන් තම බිරිඳ සමඟ වෙන් වී ඔහු මෙම නිවස තුළ තනිවම ජීවත් වූ අතර වාරයේදී මෙම ඛේදජනක සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව රාගම රෝහල විසින් පසුගිය මාර්තු පළමුවනදා වත්තල පොලිස් ස්ථානාධිපතිතුමා වෙත යොමු කර තිබුණු අතර එහි සඳහන්ව ඇත්තේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි. එමෙන්ම එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 19 වන දින මියගොස් ඇති බවත් පොලිසිය දැනුවත් වන තුරුම එනම් පෙබරවාරි 27 වන දා දක්වා මළ සිරුර ඒ ආකාරයෙන්ම නිවස තුළ තිබී ඇති බවටත් තහවුරු වී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දුන් පළමු කාරණාව වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහු මියගොස් සිටි ඇඳ අසල තිබූ ස්ථාවර දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ආකාරයෙන් ම ජීවිතක්ෂයට පත්ව තිබීමයි. කෙසේ නමුත් ඔහු මියගොස් තිබෙන්නේ දුරකථන ඇමතුම ලබා ගැනීමට ඉතා සුළු මොහොතකට පෙර බව ස්ථානීය පරීක්ෂාවේදී නිගමනය කෙරිණ. ඔහු මරණයට පත්වීම හේතුවෙන් ඇමතුම ලබා ගැනීම ව්‍යාර්ථ වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවසෙහි වූ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සූදානම් වුවද ඒ වනවිටත් එම නිවසෙහි සවි කර තිබූ CCTV කැමරා සහ DVR උපකරණය අස්ථානගත වී ඇති බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.
මෙම නිවස ආවරණය වන පරිදි වෙනත් නිවසක සවිකර තිබූ CCTV දර්ශන මගින් එම මරණය සිදුවූ බවට සැක කෙරෙන ඉකුත් පෙබරවාරි 19 වැනිදා මෙම නිවසට පැමිණි ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් වත්තල පොලිසිය කරුණු අනාවරණය කරගනු ලැබුවා. එම ත්‍රී රෝද රථය හඳුනාගෙන එහි හිමිකරු ප්‍රකාශයක් ගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා විසින් කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි. ත්‍රී රෝද රථ හිමිකරුගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ ඉන් අනතුරුවයි.