27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාමසාන් උත්වය අදයි

රාමසාන් උත්වය අදයි

ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (31) යෙදී තිබෙනවා.

ඉස්ලාම් බැතිමතුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙන රාමසාන් උත්සවය, මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව සමරනු ලබයි.

ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය රාමසාන් ලෙස හැඳින්වේ.

නව සඳ දැකීමෙන් ඇරැඹෙන රාමසාන් උපවාස සමය, ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත්වනවා.

ඉස්ලාම් බැතිමතුන් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට උපවාස සීලය රැකීමට කටයුතු කළ අතර, පුරා මාසයක් පවතින මෙම කාලය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයක් ලෙසයි සැලකෙන්නේ.

ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන පරිදි, රාමසාන් මාසය තුළ උදාවන ලයිලතුල් කදිර් නම් රාත්‍රියේදී ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වී ඇත.