26 C
Colombo
Thursday, May 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයෝෂිත හා ඩේසි ආච්චිට ඇප

යෝෂිත හා ඩේසි ආච්චිට ඇප

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය අද (4) ඔවුන් ඇප මත මුදාහැරීමට නියම කළේය. ඔවුන් දෙදෙනාට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය. ඉන් අනතුරුව අධිකරණය විත්තිකරුවන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය. ඒ අනුව පූර්ව නඩු විභාගය මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය තීරණය කළේය.