27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිවිල් - බස් අනතුරින් පාසල් සිසුවෙක් ඇතුළු කිහිපදෙනෙකුට බරපතළයි

ත්‍රිවිල් – බස් අනතුරින් පාසල් සිසුවෙක් ඇතුළු කිහිපදෙනෙකුට බරපතළයි

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලීසිය පැවසීය. අනෙක් තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

හැටන් සිට හැටන් ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ අවුරුදු 13ක පාසල් සිසුවෙකු ඇතුළු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ඉදිරිපස ත්‍රිරෝද රථය ගැටී ඇත.

බස් රථයේ රියදුරා හැටන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.