23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපි රොබෝවරු වෙනුවට සජීවී දරුවන් හදනවා

අපි රොබෝවරු වෙනුවට සජීවී දරුවන් හදනවා

ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ රොබෝවරු වැනි දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව එහිදී ජනපතිවරයා අවධාරණය කළේය.

ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බව පැවසූ ජනාධිපතිවරයා එය දේශපාලන අධිකාරියේ කාර්යභාරයක් හෝ ආණ්ඩුවේ කටයුත්තක් නොවන බවද පෙන්වා දුන්නේය.

දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු බවත් ආගම්, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගන්නා අතර අවශ්‍ය නම් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.