23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් ලයිසන් එකක් – රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

අලුත් ලයිසන් එකක් – රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

රියැදුරු බලපත්‍ර කාඩ්පත් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ කරුණු කීපයක් සඳහන් කොට තිබේ. ඒ අනුව රියැදුරු බලපත්‍ර කාඩ් අඩුමිලට සපයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

මේ වනවිට එක් රියැදුරු බලපත්‍ර කාඩ්පතක් මිලදී ගැනීම සඳහා ඔවුන් රුපියල් 1300ක් පමණ වැයකර ඇති අතර එම මුදල රුපියල් 500 පමණ දක්වා අඩුකර නව බලපත්‍ර කාඩ් ලබාගැනීමට අවධානය යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රියැදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු ඇතුළත් කර චිප් එකක් සහිත රියැදුරු බලපත්‍රයක් සඳහා වැඩි මුදලක් ගෙවා ඇතත් එම පහසුකම එම කාඩ්පතෙන් නොලැබෙන නිසා වැඩි මුදලක් ගෙවා එවැනි කාඩ්පත් මිලදී ගැනීම අමතර වැයක් බවත් ඔහු කීය.

එම නිසා අවම මුදලකට ඒ ලබා ගැනීමට ඔවුන් සූදානම්. ඒ වගේම මේ වනවිට මාස දෙකක සිට වාහන සඳහා අංක තහඩු නිකුත් නොකරන බවත් එම අංක තහඩු නිෂ්පාදනය කෙරෙන තහඩු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනෙකුත් ක්‍රියාදාමයන් සිදුකරමින් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.