27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ලියාපදිංචිය ඉහළ යයි

වාහන ලියාපදිංචිය ඉහළ යයි

මෙම වසරේ ගත වූ කාලය තුළ වාහන 133678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවට දෙපාර්තමේන්තු දත්ත සටහනේ දැක්වෙනවා .

එමෙන්ම යතුරුපැදි 100 451 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති අතර, එම සංඛ්‍යාව විශාලම ලියාපදිංචි සංඛ්‍යාව බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

තවද ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා.

වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.