30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටියකට අධික තෙන්දු කොළ තොගයක් ළඟ තබා ගත් අයෙකු කොච්චි­ක­ඩේදී අත්අ­ඩං­ගු­වට

කෝටියකට අධික තෙන්දු කොළ තොගයක් ළඟ තබා ගත් අයෙකු කොච්චි­ක­ඩේදී අත්අ­ඩං­ගු­වට

රුපි­යල් එක්කෝටි විසි­නව ලක්ෂ අසූ­නව දහ­සක් වටිනා තෙන්දු කොළ කිලෝ එක්ද­හස් අට­සිය විසි හතයි ග්‍රෑම් 200ක් ළඟ තබා ගත් අයෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව හලා­වත සුරා­බදු කාර්යා­ලය සඳහන් කරනවා.

තම කාර්යා­ල­යට පෞද්ග­ලික ඔත්තු­ක­රු­ව­කු­ගෙන් ලද තොර­තු­රක් මත කොච්චි­කඩේ පේරු­තොට ප්‍රදේ­ශ­යේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සූක්ෂ්ම අයු­රින් පාර්සල් 48ක මේ කොළ අසුරා තිබී ඇති අතර ඒවා වෙනත් ස්ථාන­ය­කට ප්‍රවා­හ­නය කිරී­මට ලොරි රථ­ය­කට පට­ව­මින් සිටි බව ද සුරා­බදු කාර්යා­ලය සඳහන් කරනවා.

මේවා නීති විරෝධී අයු­රින් ආන­ය­නය කොට රජ­යට විශාල බදු මුද­ලක් අහිමි කර­මින් ජාවා­රමේ නිරත වන බව කී සුරා­බදු කාර්යා­ලය සඳ­හන් කළේ, සමථ කිරීම සඳහා සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු රුපි­යල් ලක්ෂ 5 සමථ ගාස්තු­වක් අය කර­ගත් බවයි.

තෙන්දු කොළ තොගය වෙන්දේසි කිරී­ම­ටත් අදාළ ලොරි රථය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මත් සිදු කරන බව සුරා­බදු කාර්යා­ලය වැඩි­දු­ර­ටත් සඳහන් කරනවා.

වයඹ පළාත් සහ­කාර සුරා­බදු කොම­සා­රිස් උපාලි ජය­සිංහ මහ­තාගේ උප­දෙස් මත නාත්ත­ණ්ඩිය සුරා­බදු අධි­කාරි ඒ.ආර්. ලැම්බට් මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් හලා­වත සුරා­බදු ස්ථානා­ධි­පති දනු­ෂික තිල­ක­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් සුරා­බදු පරී­ක්ෂක එස්.බී. වලි­සු­න්දර සුරා­බදු නියා­මක සම්පත් පුංචි­හේවා, සුරා­බදු නියා­මක රියැ­දුරු සුදත් ප්‍රියං­කර යන මහ­ත්වරු වැට­ලී­මට එක්ව සිටියා.