30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිඹුලාගල කන්දේ ගින්නක්

දිඹුලාගල කන්දේ ගින්නක්

ඓතිහාසික දිඹුලාගල කන්දේ කුඩාවැව ප්‍රදේශයේ ඊයේ ( 07 ) සවස ගින්නක් ඇති වී තිබෙනවා.

මනම්පිටිය පොලිසිය පවසන්නේ මේ වෙන විට අක්කර ගණනක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලොන්නරුව ආපදා කළමනාකරන ඒකකය සඳහන් කරනවා.

ගින්න මැඬලීම සඳහා ගිනි නිවන හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, මනම්පිටිය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටින බවයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ.

දැඩි වියලි කාලගුණික තත්වයන් මත ගින්න මෙතෙක් පාලනය කිරිමට අසීරු වී තිබෙනවා.