28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthදිගුකාලීන වකුගඩු රෝගයෙන් දිනකට 5ක් – වසරකට 1600ක් මිය යනවා

දිගුකාලීන වකුගඩු රෝගයෙන් දිනකට 5ක් – වසරකට 1600ක් මිය යනවා

දිගුකාලීන වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගීන් වසරකට එක් දහස් හයසීයකට (1600) ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ජාතික වකුගඩු…

රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය ඊයේ (17දා) පැවසුවාය.

“දැනුවත් වෙමු කලින් හඳුනා ගනිමු – වකුගඩු සුරකිමු” යන මැයින් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව කීවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 වර්ෂයේදී ප්‍රකාශ කළ පරිදි දිගුකාලීන වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය ගැටලුවක් බවට හඳුනාගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.

පවතින තත්ත්වය හමුවේ දිනකට දිගුකාලීන වකුගඩු රෝගීන් 5 දෙනකු මරුමුවට පත්වන බව පැවසූ වෛද්‍යවරිය 2023 වසරේ පමණක් දිගුකාලීන වකුගඩු රෝගීන් දෙලක්ෂ දහතුන් දහසක් (213,000) රෝහල්ගත කර ඇතැයි කීවාය.

තවදුරටත් කතා කළ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙසේ ද කියා සිටියාය.

“වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වීම දිගුකාලීන වකුගඩු රෝගයට බලපානවා. ලෝක ජනගහනයෙන් සියයට 10කට පමණ දීර්ඝකාලීන වකුගඩු රෝගය බලපා තිබෙනවා. 2050 වනවිට දිගුකාලීන වකගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකියි. අනුරාධපුර, පොළොන්නරුව යන ප්‍රදේශවලින් දිගුකාලීන වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. දිගුකාලීන වකුගඩු රෝගයට විශේෂයෙන් බලපා තිබෙන්නේ බෝනොවන රෝග. ඒ කියන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩන තත්ත්වයන්.

දිගුකාලීන වකුගඩු රෝග ලක්ෂණ අතර ඇස් වටා ඉදිමීම, පාද ඉදිමීම, මුත්‍රා සමග ලේ පිටවීම වැනි දේ වෙනවා.

  • කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික වෛද්‍ය අංශයේ මහාචාර්ය වෘක්කවේද විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා –

“වකුගඩු රෝගය සම්බන්ධයෙන් මිථ්‍යා මත විශ්වාස කරන්න එපා. තමන්ට වකුගඩු ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න එපා. ඔබ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගන්න. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව වැනි වකුගඩු රෝග සම්බන්ධ ගැටලු තියෙන ප්‍රදේශවල ඉන්න ජනතාව තමන්ගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කරගන්න.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නදීකා පෙරේරා, කොළඹ ජාතික රෝහලේ වෘක්කවේද විශේෂඥ වෛද්‍ය අජිත් අලගියවන්න යන මහත්ම මහත්මීහු ද කතා කළහ.