31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ විස්සකට අධික ගංජා සමග 2ක් අත්අඩංගුවට

ලක්ෂ විස්සකට අධික ගංජා සමග 2ක් අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි නිලධාරීන් එක්ව ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා හේන් වල විවිධ උස ප්‍රමාණයන් වලින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් සොයාගත් බවයි නිලධාරින් සඳහන් කළේ.

එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික බව පොලිසිය පවසන අතර සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.