― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොර සහනාධාර සල්ලි ඕන නම් වී මිලදී ගැනීමට යෙදවිය හැකියි – කෘෂි...

පොහොර සහනාධාර සල්ලි ඕන නම් වී මිලදී ගැනීමට යෙදවිය හැකියි – කෘෂි ඇමති

පොහොර මිලදී ගැනීමට රජයෙන් ලබාදෙන සහනාධාරය අනවශ්‍ය බවට ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල්, වී මිලදී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දිස්ත්‍රික්ක 25 නියෝජන කරන ගොවි සංවිධාන සමඟ පැවති සකච්ඡාවක දී ඔවුන්ගේ ඉල්ලීම මෙය වූ බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙය ක්‍රියාවට නැංවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගන්නොරුව ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පොහොර මිලදී ගැනීමට වෙනුවෙන් ගොවි ජනතාවගේ ගිණුම්වලට මුදල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, එහිදී හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක මුදලක් ලබාදෙන බවයි පැවසුවේ.