― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රජය පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රජය පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා

රටේ ජනගහණයෙන් 2%ක් පමණක් වන ව්‍යවසායකයන් ප්‍රමාණය ඉදිරි වසර පහ තුළ 10%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

එසේම සාමාන්‍ය පෙළ සමත්ව ‍ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවෙහි නිරතව සිටින තරුණයන් හට දෙවැනි පෙළ රැකියා අවස්ථා උදාකරදීම සඳහා ඔවුන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.