28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධාන්‍ය ආනයනය සඳහා වැය වන විදෙස් විනිමය ඉතිරි කිරීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් 

ධාන්‍ය ආනයනය සඳහා වැය වන විදෙස් විනිමය ඉතිරි කිරීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් 

ධාන්‍ය ආනයනය සඳහා රජය විසින් වැය කරන විදේශ විනිමය ඉතිරි කිරීමේ අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල යෙදී සිටින ජනතාවට ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ සැපයීම මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පැවසීය.

මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ මෙම වැවැඩපිළිවෙළ ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.