32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ප්‍රධාන ගංගා දෙකක් ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා මෙලෙස දීර්ඝ කර ඇති බවයි.

නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.