― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉන්දීය සාගර කලාපයේ රටවල ඉදිරිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය සාගර කලාපයේ රටවල ඉදිරිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවෙකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට් වින් හෝටලයේ අද (12) පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව අද සහ හෙට (13) පැවැත්වෙයි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.

කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම ජාත්‍යන්තර සමුළුව 2020 වසරේ සිට වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය පැවැත්වීමට නොහැකි විය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුව ද මෙය වේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.