26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරණය කල් දාන්නේ නෑ- සංජීව එදිරිමාන්න

ජනාධිපතිවරණය කල් දාන්නේ නෑ- සංජීව එදිරිමාන්න

මීළඟ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමකින් තොරව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ කාලවකවානු වනවිට ජනාධිපතිවරණය ස්වභාවිකව කැඳවෙන බැවින් එය කල් දැමීමට කිසිදු පාර්ශ්වයකට අවස්ථාව නොලැබෙන බවයි.

පක්‍ෂයක් විදිහට පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ අපේක්‍ෂා කළා. අපි එය විවෘතව කතා කළා. හැබැයි මේ මොහොත තරම් සාධාරණ හේතු නැතුවත් පළාත් පාලන මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහාපලන ආණ්ඩුව කල් දැම්මා.

අවුරුදු දෙකහාමාරක් ඒ ඡන්දය කල් දැම්මා. හැබැයි මම දැඩිව විශ්වාස කරනවා ඊළඟ ජාතික මැතිවරණය දෙක නම් දින එහෙට මෙහෙට වෙනස් වෙන්නේ නැහැ. අපේ විශ්වාසය, බලාපොරොත්තුව, අපේ සටන මේ තුනම තිබෙන්නේ ඊළඟ ජාතික මැතිවරණ දෙක නිශ්චිත දින වකවානු සහිතව පැවැත්විය යුතුයි කියලා.

මේ ජනාධිපතිවරණ කවුරුත් කැඳවන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන් ඊළඟ ජනාධිපතිවරණය දින වකවානුව ලන්වෙන කොට ස්භාවිකව කැඳවෙනවා. ඒ මැතිවරණය කාටවත් කල් දැමීමක් කරන්න විදිහක් නැහැ ඉතාම බරපතළ ව්‍යවස්ථා සංශෝධනයක් නැතිව.