― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසෑම අයෙකුටම ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට අවකාශ තිබිය යුතුයි

සෑම අයෙකුටම ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට අවකාශ තිබිය යුතුයි

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන් ම තමාගේද අදහස බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ (NITC – 2023) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්.

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදු ව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්න්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනට සිටින දෙස් විදෙස් විද්වතුන් සහ ප්‍රවීණයන් ද ඊට සහභාගී වී සිටිනවා.

2030 වන විට පූර්ණ වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට අදාළ ව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් විසින් ක්ෂේත්‍ර 6ක් ආවරණය වන පරිදි සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාර්ග සිතියම සහ ප්‍රතිපත්ති රාමුව (Digital Roadmap and the policy Framework)’ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් විසින් මෙහිදි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ඇති ව සම්පාදනය කරන ලද ‘වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (Iintergrated Digital Agriculture Transformation)’ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

පාසල්, විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, ව්‍යාපාරික සහ මහාචාර්ය අධ්‍යයන යන මට්ටම්වලින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන ලද පර්යේෂණාත්මක සොයාගැනීම් වෙනුවෙන් ඇගයීම් සම්මාන පිරිනැමීමද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණා.