― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalUNP අලුත් කරන වැඩේ හරීන් අතට ගනී

UNP අලුත් කරන වැඩේ හරීන් අතට ගනී

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබා දී නැවත පක්ෂය පණගැන්වීමේ සහ නූතනකරණය කිරීමේ වගකීම මෙන්ම ඊට වැඩපිළිවෙළක් සැකසීම සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුට පවරා තිබේ.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු විසින් පක්ෂය ගොඩනඟන යාන්ත්‍රණය පැහැදිලි කරනු ලැබීය.නව යුගයට ගැලපෙන පරිදි අලුත් කණ්ඩායමකට පෙරට පැමිණීමට අවස්ථාව ලැබෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය විය යුතු බව එහිදී හරින් ප්‍රනාන්දු විසින් පවසා තිබේ.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාද සහභාගී වී ඇත. සාගල රත්නායක,රුවන් විජේවර්ධන , වජිර අබේවර්ධන,රවි කරුණානායක,පාලිත රංගේබණ්ඩාර,,මනුෂ නානයක්කාර,අකිල විරාජ් කාරියවසම්,ඇතුළු කළමනාකරණ කමිටුවේ සියලුම දෙනා ඊට එක්ව ඇති අතර අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සාමූහික ශක්තිය ලබාදෙන බවට ඔවුන් සහතික වී ඇත.

රට ගොඩනැගීමට සහ පක්ෂය ගොඩ නැගීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහිදී එකින් එක කරුණු හරීන් ප්‍රනාන්දු විසින් පැහැදිලි කොට ඇති අතර ඒ උදෙසා ගත හැකි ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිලි කොට තිබේ. විශේෂයෙන්ම පක්ෂය ශක්තිමත් කිරීම,ජනාධිපතිවරණය  ඇතුළු ඉදිරි මැතිවරණ වලට මුහුණදීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සැකසීම උදෙසා සාමූහිකත්වයේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කොට තිබේ.

කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලු දෙනා ද එම අදහස අනුමත කොට ඇති අතර  ඒ අනුව එළැබෙන 21පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේ දී එම වැඩසටහන එළිදැක්වීමට නියමිතය.එම වැඩසටහනක් අඛණ්ඩව එතැන් සිට ක්‍රියාත්මක වීමට නියමිතය.