25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්‍යයි

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්‍යයි

සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

සාමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.