― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි

ජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගි කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.

ලෝකයේ සෑම බලගතු අර්ථිකයක් සමගම මිත්‍රශීලිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැංවීමට කැපවීම තමන්ගේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු මෙහිදී චීන ව්‍යාපාරික ප්‍රජාව නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්හ.