― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅද සෞභාග්‍යයේ දැක්ම බලන්න වෙලා තියෙන්නෙ කණාමැදිරි එළියෙන්

අද සෞභාග්‍යයේ දැක්ම බලන්න වෙලා තියෙන්නෙ කණාමැදිරි එළියෙන්

සෞභාග්‍යයේ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බැලිය යුතු තරමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රට අදුරෙන් අදුරට ඇද දමා ඇති බවත් කුප්පි ලාම්පු දැල්වීමටවත් භූමිතෙල් ටිකක් සොයා ගැනීමට නොහැකි බැවින් කණාමැදිරි එළියෙන් සෞභාග්‍යයේ දැක්ම බැලීමට ජනතාවට ඉදිරියේදී සිදුවන බවත් සමගි ජන බලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“මේ වනවිට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙලා නාහෙටත් උඩින් වතුර දාන මට්ටමට ඇවිත් තිබෙනවා. බඩු මිල ඉහළ ගියා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, හාල් පෝලිම්, සිමෙන්ති පෝලිම් බෙහෙත් පෝලිම් මදිවට තුන්වේලක් ආපු අය දෙවේලක් කන්න වෙලා. ඒ මදිවට අද ජනතාවට දවසට පැය හතරකට පහකට අධික ප්‍රමාණයක් අඳුරේ ඉන්නත් සිදුවෙලා.

තමන්ගේ ජනතාවට සහන දීලා ජනතාවගේ පැත්තෙ ඉදන් කතා කරන අමාත්‍යාංශයක් හොඳින් වැඩ කරන එක ඇමතිවරයෙක් නැහැ. කෘෂිකර්ම ඇමතිවරයා කතා කරන්නේ ගොවි ජනතාව විරුද්ධවයි. වෙළඳ කටයුතු ඇමතිවරයා කතා කරන්නේ පාරිභෝගිකයාට විරුද්ධවයි. තෙල් ඇමතිවරයා කතා කරොත් කතා කරන්නේ කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවට තෙල් මිල වැඩි කරන විදියටයි. මුදල් ඇමැතිවරයා ඇවිත් කතා කරන්නේ එක මොළයක් වෙනුවට මොල හතක් දාලා හත්පොලේ ගාගෙන. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරන්නේ.

මේ රටේ වර්තමානයේ මතුවෙලා තියෙන තත්ත්වයට එතුමා හෝ එතුමාගේ කැබිනට් මණ්ඩලය වගකියන්න ඕන නැහැ කියලා ඊට උඩින් ජනාධිපතිවරයා ඇවිත් කතා කරනවා. අද මේ රටේ ඉන්න පොඩි ලමයා පවා සෞභාග්‍යයෙ එළිය බලන්න වෙලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. ලාම්පුතෙල් ටිකක් හොයා ගන්න බැරි නිසා ඒකෙනුත් බලන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද කණාමැදිරි එළියෙන් තමයි සෞභාග්‍යය දැක්ම බලන්න සිදුවෙලා තියෙන්නේ.”