― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩයනාගේ සිද්ධිය ගැන සොයන්න විශේෂ කමිටුවක්

ඩයනාගේ සිද්ධිය ගැන සොයන්න විශේෂ කමිටුවක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර අද (20) ඇති වූ සිද්ධිය සම්බන්ධටෙන් විමර්ශන කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ කමිටුව කථානායකවරයා විසින් පත්කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් තමා වෙත භාරදෙන ලෙසයි කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී දන්වා සිටියේ.

ඒ, අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබෙනවා.

එම කමිටුව වන්නේ,

අජිත් රාජපක්ෂ (සභාපති) චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉමිතියාස් බාකීර් මාකාර්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් තමාට පහර දී කාන්තා හිංසනයක් සිදු කළ බවයි.

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේ දී මෙම පහරදීම සිදු වූ බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.