― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩොලර් හිඟයට හේතුව ආණ්ඩුව ධනවතුන්ට බදු සහන ලබාදීමයි

ඩොලර් හිඟයට හේතුව ආණ්ඩුව ධනවතුන්ට බදු සහන ලබාදීමයි

රටේ සිදුවන ඇත්ත නැත්ත කුමක්ද කියා ජනතාව හොඳින් දන්නා බවත් අද පවතින ඩොලර් හිඟයට හේතුව ආණ්ඩුවක් පැමිණි විගසම ධනවතුන්ට බදු සහන ලබාදීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (01) තිස්සමහාරාම රන්මිණිතැන්න කිරිගොවින් මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එහි ගිය අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

“පහුගිය දවසක ජනාධිපතිතුමායි අගමැතිතුමයි කියනවා රටේ ප්‍රශ්න වලට ලොකුම හේතුව විපක්ෂයලු. එතකොට  ඔක්කොම වැරදි කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස යි සමගි ජන බලවේගයයි. අපි තමයි ගගට මුට්ටි විසි කළේ, එන්නත් ගේන්න එපා කියලා. ඒ කියන විදිහට  එන්නත වෙනුවට පැණිය බොන්න කියලා ප්‍රචලිත කළේ අපි. ආණ්ඩුව නෙමෙයි. කොරෝනා පරීක්ෂණ කට්ටල් වලින් ගසා කෑවේ අපි. ආණ්ඩුව නෙමෙයි. ගෑස් පෝලිම, පුපුරන ගෑස්, කාබනික වගාවක් කඩිමුඩියේ ගෙනල්ලා ගොවිතැන විනාශ කළෙත් සජිත් ප්‍රේමදාස. මේ ආණ්ඩුව නෙමෙයි. සීනි, සුදුලූනු, පොල්තෙල් වංචා තියෙන ඔක්කොම වංචා ටික කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස යි සමගි ජන බලවේගය යි. මේ ආණ්ඩුව නෙමෙයි. මේ ආණ්ඩුව හොඳටෝම කරලා තියෙනවා. 

මේ තෙල් ප්‍රශ්නයට, ඩොලර් ප්‍රශ්නයට අපිට විසඳුමක් ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයත් එක්ක සුහදව කතා කරලා. කොරෝනා සමයත් සමඟ විපක්ෂයේ  අපි ආරම්භ කළා වැඩසටහන් දෙකක් හුස්ම සහ සක්වල යනුවෙන්. හුස්ම වැඩසටහනට චීන ආණ්ඩුව මගින් ආධාර දුන්නා රුපියල් ලක්ෂ 200ක මුදලක්. ණයක් නෙමෙයි. ආධාර. ණය ගන්න අපි සූදානම් නෑ. විපෂයක් හැටියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා ආධාර ගන්න අපිට පුළුවන් නම් රාජ්‍ය බලයත් එක්ක රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න.”