― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩීසල් තියෙන්නේ දින 04කට පමණයි - උදය ගම්මන්පිල

ඩීසල් තියෙන්නේ දින 04කට පමණයි – උදය ගම්මන්පිල

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බවත් රට තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (02) සවස මෙරටට පැමිණීමට නියමිතය. මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත් ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙට්ට්‍රික් ටොන් 5,000ක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එම ප්‍රමාණය ඉදිරියේදී මෙට්ට්‍රික් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බව හෙතෙම අවධාරණ කළේය. ඉන්දියානු ණය පහසුකම් නිසා මාර්තු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බවද පැවසීය.

මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීමද කළ යුතු බවත් ඒ අනුව පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතු බවත් කියා සිටියේය.