― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනාධිපතිගෙන් ඒකාධිපති පාලනයක පෙරනිමිති පේනවා - ජී.එල්. පීරිස්

ජනාධිපතිගෙන් ඒකාධිපති පාලනයක පෙරනිමිති පේනවා – ජී.එල්. පීරිස්

ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයට ඒකාධිපති පාලනයක ලකුණු දිස්වෙමින් පවතින බව මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

අද (27) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි රජයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවෙලා. ජනාධිපතිවරණය දිනා ගැනීමට විපක්ෂය එකා මෙන් සටන් කළ යුතුයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මාධ්‍ය නිදහස, භාෂණ නිදහස ඇතුළුව සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි. සාධාරණ මැතිවරණයක පසුබිම වන්නේ මාධ්‍ය නිදහසයි. එය හකුලා දැමීමට රජය නොයෙකුත් උපක්‍රම යොදනවා.

රජය විසින් මීට කලින් ගෙන ආ විද්‍යුත් මාධ්‍ය සදහා විකාශන නියාමන කොමිෂන් සභා පනතට සිවිල් සංවිධාන වලින් විශාල විරෝධයක් ගොඩ නැගැවා. එවැනි පසුබිමක් තුළ පසුගිය සතියේ මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කැබිනට් අනුමැතිය හිමි වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෘජුවම බලපාන මෙවැනි පනත් පරාජය කිරීමට විපක්ෂය එකාමෙන් කටයුතු කරනවා.

මාර්ගගත ආරක්ෂක පනත සම්මත කරගැනීමට නම් සංශෝධන 31 සිදුකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට දැනුම් දී තියෙනවා. රජයේ අතකොලු බවට පත්වන මෙවැනි පනතත් මගින් පිහිටුවන කොමිෂන් සභාවලට දේව බලයක් හිමිවෙනවා.

ජනාධිපතිවරයා විසින් 10 දෙනෙකු‌ගෙන් යුත් කොමිෂන් සභාවක් පත් කරලා. එහි ප්‍රධාන කාර්යභාරයක් වන්නේ මැතිවරණ නීති සම්පාදනය කිරීමයි ,නමුත් එහි විෂය පථයට මාධ්‍ය නීතිය පිළිබඳව සොයා බැලීමටත් බලය හිමිවෙනවා. රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා මෙම ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නෑ.

රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතුයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීලා. ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් පටන් අරන්.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම නීතිවිරෝධීයි. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ ව්‍යවස්ථාදායක සභාවට කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොවිය යුතුයි. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප දෙස බැලීමේදී පෙනී යන්නේ ඒකාධිපති පාලනයක පෙරනිමිති.”