― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමුදල් ඇමතිට ඕනේ බටහිර උපාය මාර්ගයට රට ගොදුරු කිරීමටයි

මුදල් ඇමතිට ඕනේ බටහිර උපාය මාර්ගයට රට ගොදුරු කිරීමටයි

මුදල් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අර්බුදය උත්සන්න කර රට ඉතාමත්ම ව්‍යවසනකාරී තත්ත්වයකට ඇද දමා බටහිර උපාය මාර්ගයට රට ගොදුරු කිරීම බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කැඳවීමකට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදීය.

ඉන්ධන හිඟයක් ඇති වීමට හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ හේතු වූ බවට ආණ්ඩුවේ ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව කනගාටු වන බවත් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100ක් නැති කර පෙන්වන ලෙස තමා ආණ්ඩුවට අභියෝග කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ඉන්ධන සහ ගෑස් හිඟයට හේතු වූයේ ඒවා ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට රට සතුව ඩොලර් නොමැති වීම හේතුවෙන් බවත් මෙම මස 5 වැනිදායින් පසුව විදුලිය නොකපන බව කීවද අද දිනයේදීත් විදුලිය කප්පාදු කරන අතර ගෑස් හිඟය උග්‍රවෙමින් පවතින බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.