― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩු පෙරළියකට ශ්‍රිලනිපයේ සහායක් නැහැ

ආණ්ඩු පෙරළියකට ශ්‍රිලනිපයේ සහායක් නැහැ

ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාගල ශ්‍රී නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා උපවාස කෙරුවා. රටේ රාජ්‍ය නායකයා ගිහිල්ලා ඒ අයට තැඹිලි පෙව්වා. නවනීධන් පිල්ලේ ලංකාවට ආපු වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා මට එයාව කාසාද බැඳගන්න තියෙනවා නම් හොඳයි කියලා. ජාත්‍යාන්තරයෙන් අපි සම්පූර්ණයෙන් ඉවත් වුණා. මම ජනාධිපතිධුරයට පත්වෙලා කරපු පළමු දේ තමයි ජත්‍යාන්තරයේ හිත් දිනාගැනීම. 2019 වර්තමාන නායකයින්ට මම ආණ්ඩුව භාර දෙනවිට අපේ හාමුදුරුවනේ මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. ඒක අමතක කරන්න එපා. හෙට අනිද්දා නොයෙකුත් ආරංචි තියෙනවා ජාතික ආණ්ඩු හදන්න. ඒවාට අපි සම්බන්ධ වන පිරිසක් නෙමෙයි.”