― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්

ආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්

ආණ්ඩුව යනු ටෙස්ට් මැච් එකක් බවත් පළමු ඉනිමේදී දැක්වූ සියලු දුර්වලතා, අඩුපාඩු හඳුනාගෙන දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ නම් තරගය ජයග්‍රාහීව අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“හැම ගැටලුවක්ම මතුව තිබෙන්නේ ඩොලර් අර්බුදය හේතුවෙන් කියලා සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම ඉතාමත් නිවැරදියි. ප්‍රමාද වී හෝ ආණ්ඩුව එම තීරණය ගැනීමට කටයුතු කිරීම හොඳ දෙයක් කියලයි මං හිතන්නේ.

ආණ්ඩුව තුළ තිබෙන වැරදි, අර්බුද හඳුනාගෙන රට ගොඩනගමින් ඉදිරියට යාමට ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙනවා. 1977 සහ 2015 සිදු වූ සිදුවීම් මතකයේ තබාගෙන තීන්දු තීරණ ගන්නේ නම් ආණ්ඩුවටත් රටටත් යහපතක් වනවා නිසැකයි.
ආණ්ඩුවක් ගෙනයෑම 20/20 හෝ එක්දින මැච් එකක් නෙවෙයි. ටෙස්ට් මැච් එකක්. පළමු ඉනිමේදී දැක්වූ සියලු දුර්වලතා, අඩුපාඩු හඳුනාගෙන දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ නම් තරගය ජයග්‍රාහීව අවසන් කළ හැකියි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි විපක්ෂය අපෙන් ඉල්ලුවා. දැන් එයාලම කෑගහනවා බඩුමිල ඉහළ ගිහින් කියලා.”