― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට දරුණු ආර්ථික අවපාතයකට වැටිලා

රට දරුණු ආර්ථික අවපාතයකට වැටිලා

අද රට අමාරු ආර්ථික අවපාතයකට වැටී ඇති බව රහසක් නොවන බවත් අද වනවිට දේශපාලඥයන් පිළෛබඳව ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඉතාම අමාරු ආර්ථික අවපාතයක අපි සියලුදෙනාම ඉන්න බව රහසක් නෙමෙයි. 69 ලක්ෂයක නියෝජිතයින් විදියට පාර්ලිමේන්තුව ඇතුළේ ඒ පිළිබඳව තියෙන වේදනාව, පීඩනය වැඩිපුරම දැනෙන කණ්ඩායමේ කොටස්කරුවෝ, නියෝජිතයෝ අපි. ප්‍රශ්නයක් නෑ… එහෙම ගැටලුවක් නෑ… කියලා මිනිස්සුන්ට තවත් අපහාස කරන්න කිසි ලෙසකින්වත් අපි සුදානම් වෙන්නේ නෑ. අපි දැක්කා ඊයේ ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ විශාල ආහාර පෝලිම්, ඉන්ධන පෝලිම් තියෙන ආකාරය. උදාහරණ ගේන්න නෙමෙයි මම උත්සහ ගත්තේ. අපේ රට තුළ පීඩාකාරී සාධක ඉතාම ඉහළ අගයක් ගන්නා බව සැඟවිය යුතු නෑ. සඟවන්න අපි උත්සහ ගන්නෙත් නෑ. මේ සංවේදීභාවය ගිලිහෙන්න එක් හේතුවක් තමා අපේම දේශපාලනඥයෝ සමහරවිට කැබිනට් මණ්ඩලයේම අය විවිධ සැලසුම් සහගත නොවන ප්‍රකාශ කිරීමත් එක්ක. දැන් විදුලිය කැපීම සම්බන්ධයෙන් අපේ පාර්ශවවලින් සිදුවු යම් යම් ප්‍රකාශ එක්ක දේශපාලකයාගේ විශ්වසනීයභාවය පිළිබඳව සමාජයට ගැටලුවක් මතුවෙලා තියෙනවා. අපි ගනු ලැබූ තීන්දු පිළිබඳව ඒ තීන්දු ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සම්බන්ධව, ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ සියල්ලටම වගකීම අපි ගන්නවා. මිනිසුන් පීඩා විඳිනකොට ඒකට ලැජ්ජාවක් නෙමෙයි බරපතළ කනගාටුවක් තියෙනවා. මම ඩීසල් පෝලිමේ ඉඳලා තියෙනවා විනාඩි 30 – 40.”