කිසිඳු ගෝලීය අර්බුදයක් නොතිබූ යහපාලන රජය සමයේදීද ඩොලරයේ මිල අධික ලෙස ඉහළ ගිය බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අපනයන ඉහළ නැංවීම ඩොලර් අර්බුදයට ඇති එකම විසදුම බවත් මේ ප්‍රශ්නයට දේශපාලකයන් සතුව විසදුම් නොමැති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. එකම විසදුම ඉහත කී පරිදි රටින් පිටට ගලා යන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් රට තුළට ගා ඒමට සැලැස්වීම පමණක් බවත් ඔහු අවධාරණය කළේය.