― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහැමදේටම ඕකේ සර්, යස් සර් කියලා කවදා වෙනකම් කියන්නද?

හැමදේටම ඕකේ සර්, යස් සර් කියලා කවදා වෙනකම් කියන්නද?

තමාට හැමදේටම ඕකේ සර්, යස් සර් යැයි පැවසිය හැකි බවත් නමුත් ජනතාවගෙන් ඇත්ත වසන් කර පලක් නොමැති බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අද අපි අර්බුද ගණනාවක අපි ඉන්නේ. අපි දන්නවා මෙතන ඇවිල්ලා ඉන්න ඔබතුමාලාත් හිත යටින් අපටත් බනිනවා. ඒක තමයි ඇත්ත. මටත් ගිහින් කියන්න පුලුවන් අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මුදල් ඇමතිතුමනි ඔක්කොම හරි වෙරි ගුඩ් ඕකේ සර්. යස් සර් කියන්න පුලුවන්. යස් සර් කියලා කවද වෙනකල් මේක කියන්නද? හැබැයි අද ජනතාව බනිනවා දේශපාලනඥයන්ට.

ජනතාව ගත්තොත් පාරිභෝගික ජනතාව, ගොවි ජනතාව, ධීවරයා මේ ඔක්කොම කියනවා අසරණයි කියලා. රාජ්‍ය සේවකයා ඒත් අසරණයි. රාජ්‍ය සේවකයෝ ගත්තොත් එකින් එකට වැඩ වර්ජන. මෙහෙයවීමක් වෙන්න පුලුවන්. බොරදියේ මාලු බෑමක් වෙන්න පුලුවන්. ඇත්තටම ආර්ථිකයේ අමාරුකම් නිසා පඩිය වැඩි කර ගන්න එන්න පුලුවන්. දේශපාලකයෝ ගාව සල්ලි තියෙනවා. මේකට විසදුම මොකද්ද. ඇත්ත ජනතාවගෙන් වසන් කරලා වැඩක් නෑ.

සමහරු කලු කඩ කාරයන්ගෙන් ගෙනල්ලා පොහොර ගැහුවා. අද වැඩියෙන්ම හම්බ කරන්නේ කවුද කලුකඩ කාරයා. ගැස් එක රුපියල් 8000ට විකුණනවා. සිමෙන්ති මිටිය රුපියල් 3000ට විකුණනවා. හිගයක් මවනවා. අද තෙල් ගත්තොත් එක නැවක තෙල් ගෙවල්වල තියෙනවා. ඒකත් කවුරු හරි අරගෙන රුපියල් 250 ට 300ට දෙයි.

ඒක නිසා කලුකඩ කාරයාට නම් ඒ ටිකේ හොඳට හම්බ කරන්න පුළුවන්. ඊළග කන්නය එනවා. අපට බෑ දරදඩු වෙන්න, බලහත්කාරයෙන් බලපෑමෙන් මේකම කරන්න කියලා කියන්න බෑ. අපි ජනතාවට ඇහුම්කන් දෙන්න ඕන. විශේෂයෙන්ම මුලු රටටම බත සපයන පොළොන්නරුවේ ගොවි ජනතාවගේ හඬට පොළොන්නරුවේ ගොවි දෙමව්පියන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයෙක් විදිහට ගොවි ජනතාවගේ ආර්ථිකයත් බලන්න වෙනවා.

ජනතාවට ඇත්ත තේරුම් කරලා රට ඉස්සරහට ගෙනියන්න ඕන. අපේ පාලන කාලය තුළ ගත්ත යම් යම් වැරදි තීන්දු ගැන අවබෝධ කරගෙන රට ඉස්සරහට ගෙනයන්න ඕන. රටක් පාලනය කරනවා කියන්නේ ජනතාව සතුටින් තියන එක. ජනතාව ගැටලුවල නම් අපට බෑ හෘද සාක්ෂියට එකගව මේ රට වෙනුවෙන් ජනතාව සමග එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. මේ රටේ අති දක්ෂ රාජ්‍ය සේවකයින් පිරිසක් ඉන්නවා. අද තානාපති කාර්යාලවල ඉන්න අය. මොකද කරන්නේ තමන්ට සේවය කරගන්නවා. තමන්ගේ රාජකාරිය නැතුව.

අද ගොඩක් රජයේ කාර්යාල ගත්තොත් දවල් 12න් පස්සේ වැඩ නෑ. අද ඔක්කොම යන්නන් වාලේ යනවා නම් ජනතාවත් හිතනවා නම් මොන ලෝකෙන් හරි ණයට ගෙනත් කන්න දෙනවා නම් කමක් නෑ කියලා අපට මොකද වෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ. අපි ඔක්කොම ස්වයං විවේචනයක් කරගෙන දේශපාලනඥයත් රාජ්‍ය සේවකයත් පොදු මහජනතාවත් එකතු වෙලා දේශපාලනඥයා මුලින්ම කැපකිරීම් කරලා රාජ්‍ය සේවකයාත් ජනතාවත් කැපකිරීම් කරොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. තව රටකින් ණය ගන්නවා කන්න ගේනවා. මොකද්ද මේ වෙන්නේ.”