― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalආරාධනා ලැබුනට අපි සර්ව පාක්ෂික සමුළුවට යන්නෑ

ආරාධනා ලැබුනට අපි සර්ව පාක්ෂික සමුළුවට යන්නෑ

ජාතික ජන බලවේගයට මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා පැමිණෙන ලෙස ආරාධනයක් ලැබුණු බවත් කරුණු හතරක් පදනම් කරගෙන ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මීට පෙර මෙරට සර්ව පාක්ෂික සමුළුව පැවැත්වූ අතර ඒ සියල්ලම සර්ව පාක්ෂික සමුළු නොව විලාප සමුළු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනෙක් ඉවත් වීම සහ ඊට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බව පැවැසූ අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අර්බුදය නිසා පවත්වන සමුළුවක් නොව, මේ පොහොට්ටු දේශපාලනයේ ව්‍යාපෘතියේ තවත් එක් සමුළුවක් බවත්ය.

ආර්ථිකය ගැන කතා කරන්නේ නම් ආර්ථිකයේ ගැඹුර, දිග, පළල රටට ඉදිරිපත් කළ යුතු අතර මෙතෙක් ඒ පිළිබඳ වාර්තාවක් රටේ ජනතාවට ඉදිරිපත් කර නොමැති බවත් ඔහු පැවසූ අතර ඩොලර් බිලියන 3.1ක විදේශ විනිමයක් පසුගිය කාලයේ වැඩිවූ බව පැවැසුවත් එහි රහසක් ඇති අතර එය හෙළි නොකරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීම, දිගින් දිගට ම රටට අතමාරු ණය ගත් අතර ඒවා කල්පිරෙන්නේ හා ඒවා ගෙවන්න වෙන්නේ කවදා ද යන්න රටට හෙළිදරව් නොකිරීම, ඉන්දියාව සමග ඩොලර් බිලියනයක ණයක් ගැනීමට යාම සහ ඒ වෙනුවෙන් ඊට පෙර තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවැරීම, සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා පූනරීන් හා සාම්පූර් ඉඩම් මෙන් ම බටහිර ජැටිය අදානි සමාගමට ලබා දීම යන කාරණා හා මෙම ණය ගැනීම් අතර සම්බන්ධය කුමක් ද යන කරුණු හතර ඊට පදනම් කරගෙන ඇති බව දිසානායක පෙන්වා දුන්නය.

මේ සියලු ආර්ථික තොරතුරු වසන් කර සර්ව පාක්ෂික සමුළුවට පැමිණෙන්නැයි ආරාධනා කිරීම කිසිම ඵලක් ප්‍රයෝජනයක් නොමැති වන අතර මේ වන විට ආර්ථික පීඩාව පුපුරා ගොස් අවසන් බවද ඔහු පැවසීය.