― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපෝලිම්වල ඉන්න ජනතාව මැරිලා වැටෙද්දී ජනාධිපති ඇස්කන් පියන් ඉන්නවා

පෝලිම්වල ඉන්න ජනතාව මැරිලා වැටෙද්දී ජනාධිපති ඇස්කන් පියන් ඉන්නවා

පෝලිම්වල සිටින ජනතාව මැරී වැටෙද්දී ජනාධිපතිවරයා කිසිඳු හැඟීමකින් තොරව සිටින බවත් ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වහසිබස් දොඩමින් හිස් වචන පාවිච්චි කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය, දේශපාලන සියලු අර්බුද හමුවේ අද රට විසාලා මහනුවරක් බවට පත්වෙලා ඉවරයි. ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමට ඇති නොහැකියාව පිළිගෙන දැන්වත් ඉවත් විය යුතුඉයි. ප්‍රශ්න විසඳාගත හැකි නායකයකු ජනතාවටම තෝරා ගැනීමට අවස්ථාව සලසා දිය යුතියි.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩනයක පසුවෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා වයස් භේදයකින් තොරව ඔවුන්ට නොයෙක් පෝලිම්වල සිටීමට සිදුවෙලා තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පෝලිම්වල සිටිනවා. ඔවුන් බහුතරයකට නිදන්ගත රෝග තිබෙන නිරන්තරයෙන් ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්.

පවුලේ අවශ්‍යතා වෙනුවෙන් අද බොහෝදෙනාට පෝලිම්වල සිටීමට සිදුවෙලා. මේ වෙද්දි තුන්දෙනෙක් පෝලිම්වලදී මිය ගිහින් තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරලා තියෙන්නේ එහෙමයි.”