― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය සතියෙන් විසඳනවා

ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය සතියෙන් විසඳනවා

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඊයේ (21) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව දැනුම් දී ඇත.

ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති බවත් ඒ අනුව ගෑස් ආනයනය කිරීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇති බවත් එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් බැසිල් රාජපක්ශ එහිදී අවධාරණය කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.