28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් සභාගත කළ යුතුයි

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් සභාගත කළ යුතුයි

මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් සභාගත කළ යුතු බවත් ඉන්දියාව සමඟ අත්සන් කළ කිසිඳු දෙයක් රටේ පුරවැසියන් නොෆ්දන්නා බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදීය.

මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් ණය කන්දරාවක් ලබාගෙන ඇති බවත් ඔහු එම ණය මුදල ලබාගෙන ඇත්තේ වරාය තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට උකස්කර යැයි දැනගන්නට ඇති බවත් හෙතෙම එහිදී අනාවරණය කළේය.

මුදල් අමාත්‍යවරයා මාස තුනකින් පාර්ලිමේන්තුවට පැමිණ නැති බවත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් අමාත්‍යවරයා මැති සබයට පැමිණිය යුතු බවත් ඔහු එසේ නොපැමිණීම කණගාටුදායක කාරණයක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.