― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආර්ථික අර්බුදයට හේතුව ආත්මාර්ථකාමී දේශපාලන තීන්දු සහ පවුල්වාදයයි

ආර්ථික අර්බුදයට හේතුව ආත්මාර්ථකාමී දේශපාලන තීන්දු සහ පවුල්වාදයයි

මේ වනවිට ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත අත්දැකීම්වලට හේතුව කොවිඩ් වසංගතය හෝ ලෝක වෙළඳපොළේ මිල උද්ධමනය නොවන බවත් ඊට හේතුව පසුගිය දශක කිහිපය තුළ මෙරට පවත්වා ගෙන ගිය දූෂිත, අකර්මණ්‍ය සහ ආත්මාර්ථකාමී දේශපාලන ක්‍රියාවලිය සහ පවුල්වාදය නිසා ඇතිවූ එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පැවසීය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මෙසේද කීය.

“විධායක බලය තනි පුද්ගලයෙක් අපේ තියනකම් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට ප්‍රශ්න වලට විසදුම් හොයන්න බෑ. මේ බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්න ඕනේ. ඒ නිසා තමයි විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. විසිඑක් වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් එක් මන්ත්‍රීවරයෙක් සුදුස්සෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමටත් එම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙයවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ඕනේ. ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ඒ විෂයයන් ගැන ප්‍රමාණවත් දැනීම තියෙන ඇමැති මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඒ ඇමති මණ්ඩලයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වෙන්න ඕනි.”

“මේක අන්තර් ආණ්ඩුවක්. අන්තර් කැබිනට් මණ්ඩලයක්. අලුතෙන් පත් කරන ජනාධිපතිවරයා සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිම වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සියලු විධායක කාර්යයන් ඉටු කරන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුව තුළ භේදවලින් තොරව කටයුතු කරලා දැනට තියෙන අභියෝග ජය ගන්න පුළුවන්. මේ ක්‍රමය වසරක් හෝ දෙකක් හෝ ගොස් ප්‍රශ්න විසඳුවාට පසු නැවත ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ රටට ආදරය කරන පාලකයින් කණ්ඩායමක් තෝරා ගන්න. ඒ වගේම මේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරලා තියෙනවා ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඇමතිකම් දරන්න බෑ කියලා.”