― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට කාබාසිනියා කළේ රාජපක්ෂවරු හතරදෙනෙක්

රට කාබාසිනියා කළේ රාජපක්ෂවරු හතරදෙනෙක්

රට කාබාසිනියා කළේ රාජපක්ෂවරු හතරදෙනෙක් විසින් බවත් රටේ පවතින ඩොලර් අර්බුදයට වගකිව යුත්ත වෙන ක්වුරුත් නොව මහ බැංකු අධිපති කබ්රාල් බවත් එස්. එම්. මරික්කාර් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීය.

“මීට අවුරුදු දෙකහමාරකට කලින් මේ රටේ ජනතාව වැඩකරන විරුවෙක් ගෙනල්ලා
ඒ වගේම ආර්ථිකය හසුරවන්න දක්ෂයෙක් කියලා ගෙනාපු බැසිල් රාජපක්ෂ මහත්මයාව අද මේ වෙනකොට අවුරුදු දෙකහමාරක් ගිහින් මේ රටේ ජනතාව “ගෝඨා ගෝ හෝම්” කියනවා. ඒ වගේම ආර්ථික ඝාතකයා “බැසිල් ගෝ හෝම්” කියනවා.

කෙටියෙන් කල්පනා කලොත් දැන් මේ වැඩ කරන විරුවා ගෙනල්ලා මොකද උනේ? ආපු ගමන්ම තමන්ගෙ ගජමිතුරන්ට දොල පිදේනි දෙන්න බදු සහන දුන්නා බිලියන 800ක් විතර. ඊට පස්සේ ඒ රාජ්‍ය ආදායම නැතිවුණාම ඒක පියවන්න සල්ලි අච්චු ගහන්න ගත්තා. සල්ලි අච්චු ගැහුවම උද්ධමනය ඉහළ ගියා. උද්ධමනය ඉහළ ගියාම ඩොලරය බලෙන් අල්ල ගත්තා. ඩොලරය බලෙන් අල්ල ගත්තු නිසා ප්‍රේෂණ ආවේ නෑ. මාසෙකට ඩොලර් මිලියන 650ක් විතර එන එක 200 ඒ විතර අඩු උනා. මේ නිසා තමයි මේ ආර්ථික අර්බුදය මෙච්චර දරුණු තත්ත්වයකට ආවේ.

අනිත් පැත්තෙන් දැන් අපනයනය වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒක ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. ‘ගෝඨා ගෝ හෝම්’ කියන තැනට මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ අද මහමග මිනිස්සු ගෑස් පෝලිම්වල ඉන්න ඕන, බඩු පෝලිමේ ඉන්න ඕන, ඊළඟට තෙල් පෝලිමේ ඉන්න ඕන, කරුවලේ ඉන්න ඕන, ළමයින්ට කිරිපිටි ටිකක් දෙන්න විදියක් නැහැ.

මේ ආණ්ඩුව වගේ වගක් නැතුව ඉන්න බව ජනතාවට තේරිලා තියෙනවා. ඒ නිසා අද තැන් තැන්වල ජනතාව ස්වායත්තව උද්ඝෝෂණ කරන්න, පිකටින් කරන්න මේ රාජපක්ෂලා ගෝ හෝම් කියන සංකල්පය මේ රට ඇතුලෙ පත්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ දුප්පත් ජනතාවගේ ඉදලා, ඒ වගේම මධ්‍යමපාන්තිකයාගේ, ඉහළ මධ්‍යම පාන්තිකයාගේ කරමතින් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයාට මේ ජනතාව උදේට පෝලිමේ, දවල්ට පෝලිමේ , රෑට පෝලිමේ, කරුවලේ ඉන්න එක ගැන වගේ වගක් නැහැ.

ඒක කොච්චරද කියනවානම්, චීනයේ ගුවන් යානාවක් කඩන් වැටිලා 130ක් නැතිවෙනකොට ඒකට ටක් ගාලා ශෝක ප්‍රකාශය කරල ට්විටර් පණිවුඩ නිකුත් කරනවා. හැබැයි මේ ලංකාවේ එතුමාගේ ආණ්ඩුව, එතුමාගේ අමාත්‍ය මණ්ඩලය , එතුමන්ලා හදපු තෙල් පෝලිමෙ ඉදලා 4 දෙනෙක් මැරෙනවා. එක්කෙනෙක් වචනයක් කියන්නේ නෑ.

ඒ නිසා මහලොකුවට කයිය ගැහුවට දැන් මේ විරුවා එනකොට සීනි කිලෝවක් රු.85යි. දැන් අද දෙසිය ගානකට ගිහිල්ලා. හාල් කිලෝවක් 85ට තිබුණ එක 160ට ඇව්ල්ලා. පෙට්‍රල් ලීටරය 134ට තිබ්බ එක 254ට ඇවිල්ලා තියෙනවා. ගෑස් සිලින්ඩරය 1475ට තිබ්බ එක 4199ට ඇවිල්ලා තියෙනවා. වැඩිය ඕන් නෑ පෙනඩෝල් පෙත්තක් 1.25 ඒ තිබුණ එක රු.3 ට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදියට මට පෝලිමක් කියාගෙන යන්න පුළුවන්.

අද කිරිපිටි පැකට් එකෙයි සිමෙන්ති පැකට් එකෙයි ගාන එක ලෙවල් එකට ඇවිල්ලා. අද මිනිස්සුන්ට තේ එකක් බොන්න බැරුව, කන්න බැරි තත්ත්වයට පත් කරලා ඉන්න නිසා තමයි ගෝටා ගෝ හෝම් කියලා පක්ෂ පාට බේදයෙන් තොරව එතුමට ඡන්දෙ දුන්න ජනතාවම කියන තත්ත්වෙට ආවේ. දැන් මිනිස්සු ගෝඨා ගෝ හෝම් කියනකොට සර්ව පාක්ෂික සමුළුවක් අටවනවා ජනාධිපති කාර්යාලයේ. කිසිම නෛතික තත්ත්වයක් නැහැ.

දැන් ඇත්ත වශයෙන්ම මුදල් ඇමතිවරයා කරන්න ඕන ජනතාවට වගකියනවා නම් මේ පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවේ පක්ෂ එක්ක මේක ගැන විවාද කරන්න ඕන. ඒ විවේචනවලට මුහුණ දෙන්න ඕන. ඒ හරහා විසදුමක් ගන්න උත්සාහ කරන්න ඕන. නමුත් එතුමා මේ පැත්ත පලාතට එන්නෙ නැතුව, මීඩියා ශෝ එකක් දාන්න තමයි මේ සර්ව පාක්ෂික සමුළුව දාලා තියෙන්නේ.

මේ පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලය තුට්ටු දෙකට දාලා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන්නෙ නැතුව, රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නෙ නැතුව, ඒ වගේම ව්‍යවස්ථානුකූලව මේ අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රතිඵලයක් හොයන්නෙ නෑ.

හැබැයි ඒ සර්ව පාක්ෂික සමුළුවේ මොකක්ද අරමුණ? තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුව මෙහෙමයි කරේ, ගිය ආණ්ඩුව තමයි වගකියන්න ඕන කියලා මේ දේශපාලන ගේම් එකක් ගහන එක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව.

1977 ඉඳලා අවුරුදු 40ක් තිස්සේ 185දක්වා 7 ඉදලා වැඩි වෙච්ච එක මේගොල්ලෝ මාසයක් ඇතුලත රු.100කින් වැඩි කරගෙන තියෙනවා. මේ ඇයි? මේ උද්ධච්චකම හින්දා.

අපි දැක්කා ඊයේ මේ රටේ ආර්ථික ඝාතකයා අද මේ ඩොලර් අර්බුදයට වගකියන්නා වෙන කව්රුත් නෙමෙයි. අංක එක කබ්රාල්, මහ බැංකු අධිපති කබ්රාල්. මොකද හේතුව 1977දී ඩොලරයක් රු. 7යි. මේ අය බාරගනිද්දී 180 ගාණක් දැන් අවුරුදු දෙකහමාරක් ඇතුලත රු.100 විතර ඩොලරයක් වැඩි කරලා තියෙනවා. එතකොට අවුරුදු 40ක් තිස්සේ 185දක්වා 7 ඉදලා වැඩි වෙච්ච එක මේගොල්ලෝ මාසයක් ඇතුලත රු.100කින් වැඩි කරගෙන තියෙනවා. මේ ඇයි? මේ උද්ධච්චකම හින්දා.

අපි මේ සර්ව පාක්ෂික සමුළු තියන්න කලින් ගිය අවුරුද්දේ මේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වෙද්දී අප කිව්වා රුපියල අවප්‍රමාණය වෙන එක කරන්න දෙයක් නැහැ. අතාරින්න කියලා . මොකද අතෑරියානම් ප්‍රේෂණ දිගටම ගලා එනවා. එහෙම උනානම් මේක අද රු. 290ට යන්නෙ නෑ. රු. 230-235 උපරිමයකින් නතර වේවි. බඩු මිල මෙච්චර ඉහළ යන්නෙ නෑ. උද්ධමනය මෙව්වර ඉහළ යන්නෙ නෑ. පෝලිම් මෙච්චර එන්නෙ නෑ. එහෙනම් ජනතාවට පන්දම් පත්තු කරගෙන කරුවලේ ඉන්න වෙන්නෙ නෑ. ඒ වගේම කිරිපිටි පෝලිමෙ ඉන්න වෙන්නෙ නෑ.

ඒ නිසා මේ කියපු එක දෙයක්වත් උද්ධච්චකමයි, අධිතක්සේරුවයි, නොහැකියාවයි හින්දා අහන්නැතුව ඉදලා දැන් මේ බොරු සර්ව පාක්ෂික සමුළු දාන්නේ මේ ප්‍රශ්ණෙ විසදන්න නෙමෙයි. අවධානය වෙන පැත්තකට ගෙනියන්න.

ඒ නිසා අපි කියන්න කැමතියි අර බ්ලූම්බර්ග් සගරාව කියපු විදියට මේ රාජපක්ෂ පවුලේ 4 දෙනෙක් එකතු වෙලා මෙච්චර ස්වභාවික සම්පත්වලින් අනූන වෙච්ච, මානව සම්පත ඉතාම ඉහලින් තියෙන, හැකියාවන්ගෙන් නිපුනතාවයන්ගෙන් පිරිච්ච රටක් බංකොලොත් කරලා , කාබාසිනියා කරලා, නන්නත්තාර කරලා , විනාශ කරලා වගේ වගක් නැතුව ඉන්නවා.

ඒ නිසා මේ පැලැස්තර විසදුම් දාලා වැඩක් නැහැ. මොකද සාමාන්‍යයෙන් මේවගේ ප්‍රශ්ණයක් ආවාම එහි නිර්මාතෘ, කර්තෘ කව්ද කියලා හොයන්න බැහැ. ඒත් මේකෙ එකක් පැහැදිලියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති කබ්රාල් තමයි තමයි මේකේ කර්තෘලා.

ඒනිසා අද අපට වඩා හොදින් මෙච්චර දවස් රාජපක්ෂලට කඩේ ගිය පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් දැන් තේරිලා තියෙනවා මේ මොළ 7ක් තිබ්බ කිව්වට මොළ කාලක්වත් නැ කියලා. ඒ නිසා අද මේ වෙනකොට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අක්‍රීය චරිතයක්. එතුමාට මේ ආණ්ඩු පාලනය තුළ කිසිම තැනක් දෙන්නේ හෝ එතුමා බලෙන් යන්නෙත් නැහැ. දෙන්නෙත් නැහැ.

ඉතින් අද මේක කීතු කීතුවලට ඉරා වැටිලා තියෙන , මහජනතාවගේ ගල්මුල් ප්‍රහාරයට ලක්වෙලා තියෙන ඒ වගේම මිනිස්සුන්ගේ හූ පාරවල් වලට ලක්වෙලා තියෙන මේ ආණ්ඩුව ගැට ගහන දේශපාලන නාට්‍යවලට අපි සූදානම් නැහැ. හැබැයි අපි රට ගොඩදාන නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවානම් ඒ, නිශ්චිත වැඩපිළිවෙල සාකච්ඡා කරලා ඒ අනුව රට දියුණු කරන්න අපි සහාය දෙන්න සූදානම්.”