― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මිනිස්සු ලෑස්ති නෑ

කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මිනිස්සු ලෑස්ති නෑ

රට තුළ කෙතරම් අර්බුද පැවතියත් කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මිනිස්සු ලෑස්ති නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. එහිදී වැඪිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඔය එක්සත් ජාතික පක්ෂය පෙළපාලි ගියා කියලා, ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩට ඇවිත් සෙනඟ පිරෙව්වා කියලා, මේ ආණ්ඩුව වෙනස් කරන්න හම්බවෙන්නේ නෑ. ගිය සතියේ මගේ ආසනයේ ඡන්ද 5ක් තිබුණා. ඡන්ද 5ම ගෙදර යන්න ගැහුවා මං ජවිපෙටයි යුඑන්පී යටයි. අපි ඡන්ද 5න්ම දින්නා. මින්සුන්ගේ අමාරුව අපි හොඳට දන්නවා. හැබැයි අමාරුව දැනගෙන ආපහු මේක රනිල්ට දෙන්නද? ආපහු මේක සජිත්ට දෙන්න ද? අවුරුදු 5ක් මේ රට කාපු මහ බැංකුව මංකොල්ල කාපු අපේ මිනිස්සුන්ගේ සහනාධාර කපපු. දැන් මේ බඩු මිල, තෙල් පෝලිම් ආවා කියලා ෆොටෝ ගහලා, කැමරා දාලා ආණ්ඩුවට බැනලා, ජනාධිපතිතුමාට බැනලා, වෙනම භූතයෝ මවන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ආසන 44ක් මේ රටේ මිනිස්සු දුන්නා ජෙවිපෙ එකට. 44ට දීලා බැරි නිසා 24ට බැස්සුවා. 24 බැරි නිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා 2ට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා.

ඇයි කතාව ලස්සනයි. සුරංගනා කතා කියන්න හරිම දක්ෂයි අනුර දිසානායක. හැබැයි ඡන්දේ ගණන් කරාම පෙට්ටියේ බඩු නෑ. අපි මේ අමාරුව කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මිනිස්සු ලෑස්ති නෑ. අපි අප්‍රේල් 1 වනදා වෙද්දි ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් විසඳනවා.”