― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි මේ ගෙවන්නේ අමාරු කාලයක් - ඒත් ජනතාවට සහන දෙන එක නවත්තන්නෑ

අපි මේ ගෙවන්නේ අමාරු කාලයක් – ඒත් ජනතාවට සහන දෙන එක නවත්තන්නෑ

රටේ ජනතාවට අමාරු කාලයක් පැමිණ ඇති බව තමා පිළිගන්නා බවත් ඒ නිසා ජනතාවට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීමට හැකියාවක් නැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ දේශපාලන දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ ඊයේ (26) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමත්‍යවරයා මෙසේද කීය.

“අවුරුදු 20ක් ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරල මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට අපි සුබ පතනවා. මොකද ජගත් එක පැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේම මුළු ලංකාවෙම සමෘද්ධි ව්‍යාපාරයටත් නායකත්වය දෙන්න ඔහුට ශක්තිය තිබුණා. ඒ නිසා අපි ඔහු හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙන් වශයෙන් නෙමෙයි, රටේම වැඩි දෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.

එතුමා හැම වෙලාවෙම ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කළ කණ්ඩායමේ ඔහු හිටියා. ඔහු කණ්ඩායමේදී කතා කළ යුත්තේ මොනවාද, පක්ෂ නායකයින් ඉදිරියේ කතා කළ යුත්තේ මොනවාද, ඒ වගේම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ යුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාද කියන එක පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කළා.

සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා කටයුතු කරන්න අපොහොසත්. ඔවුන්ට හැම කටයුත්තම විවේචනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ට වගකීමක් භාර දුන්නාම ඒ වගකීම ඉටු කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නලා තියෙනවා. අපිට අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ. ඒ බව අපි පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියලු දේ ලබා දෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබා දෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙළකට යන්න කටයුතු කරන බව මේ අවස්ථාවේදී මතක් කරනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.