― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුවට ඕනේ රටේ තිබෙන ප්‍රශ්නය කාගේ හරි ඇඟේ ගහන්නයි

ආණ්ඩුවට ඕනේ රටේ තිබෙන ප්‍රශ්නය කාගේ හරි ඇඟේ ගහන්නයි

මේ අවස්ථාවේ රටේ තිබෙන ප්‍රශ්නය කාගේ හෝ ඇගේ ගැසීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නත් එය ආවට ගියාට ගන්නේ නැති බවත් වජිර අබේවර්ධන පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනයා ආරක්ෂා කළ හැකි ඕනෑම පියවරකට යෑමට එජාපය සූදානම් බවත් රටක ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟවන ආකාරයට ගන්නා තීන්දුවලට පමණක් එකඟ විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ප්‍රථමයෙන්ම කළ යුත්තේ ජාතික එකඟතාවයකට යාම බව පෙන්වා දෙන එ.ජා.ප සභාපතිවරයා ජාතික ආණ්ඩුවක් ගැන සලකා බැලිය යුත්තේ ඉන් පසුව බවයි අනාවරණය කරන්නේ.

ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගතහොත් ජනපතිවරයා යටතේ වැඩ කටයුතු කළ යුතු බවට නියමයක් නොමැති බව පෙනවා දෙන වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ 2015 ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට උදාහරණයක් බවයි.

එම ව්‍යවස්ථාවෙන් අග්‍රාමාත්‍යවරයා මුල් වූ ආණ්ඩුවක් ගෙන යෑමට හැකි වූ බවත් එම තත්ත්වය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කළද ඉදිරියේ ඇතිවන තත්වයන්ට මුහුණ දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කළ යුතු නම් එය කළ යුතු බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.