― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසමහරක් ඇමතිවරු ජනපතිවරයා පඹයකු ලෙස හුවා දක්වනවා

සමහරක් ඇමතිවරු ජනපතිවරයා පඹයකු ලෙස හුවා දක්වනවා

ජනපතිවරයා හා අගමැතිවරයා ජනතාවගේ පීඩනය හොඳින් දන්නා බවත් ඇතැම් හිටපු කැබිනට් ඇමතිවරු ජනපතිවරයා පඹයකු ලෙස හුවා දක්වන්නට කටයුතු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති වාරි සෞභාග්‍යයා දෙක උත්සවයට සහභාගී වෙමිනි.

ආණ්ඩුව ඇතුළතින් හා පිටතින් ඇති කළ ප්‍රශ්න මෙම පීඩනයට හේතු වූ බවත් එලෙස ඇතුළෙ ප්‍රශ්න ඇති කළ අය අභියෝග එනවිට ඒවා දමා පැන යන බවටත් ඔහු චෝදනා කරයි.

යුද්ධයක් දකිද්දී එය දමා දුවන පිරිසක් ආණ්ඩුව තුළ සිටින බව පෙන්වා දෙන අමාත්‍යවරයා සටන අසීරු අවධියේ තිබෙද්දී ඊට මුහුණ දීම වෙනුවට ඉන් පැන යාම නොකළ යුතු බව අවධාරණය කලේය.

සේනාධිනායකයන් හැටියට දුටු අය සටන එනවිට පලා ගොස් මුදල් ඇමතිවරයාට පහර දෙන බවත් ඉන් පහර වදින්නේ ජනපතිවරයාට බවත් ඔහු ප්‍රකාශ කළේය.