27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයා අවම බලය යොදා ඊයේ උද්ඝෝශනය මර්ධනය කළා

ජනාධිපතිවරයා අවම බලය යොදා ඊයේ උද්ඝෝශනය මර්ධනය කළා

ඊයේ (31) මිරිහානේ විරෝධතාවයේදී ජනාධිපතිවරයා හැකි තරම් ඉවසිලිමත්ව කටයුතු කළ බවත් සාමකාමී උද්ඝෝෂකයින්ට උද්ඝෝෂණය කර යාමට ඉඩ දී පොලීසියට හෝ හමුදාවට ඊට මැදිහත් නොවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අලුයම 1, 2 පමණ වන තෙක් උද්ඝෝෂණය සාමකාමී මට්ටමේ පවත්වා ගෙන ගිය බවත් පසුව උද්ඝෝෂකයින් පෞද්ගලික, රාජ්‍ය දේපළ විනාශ කිරීමට ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

අවසානයේ අවම බලය භාවිත කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවූ බවත් ඒ අනුව අවම බලය යොදාගෙන උද්ඝෝෂකයින් විසුරුවා හැරීම තුළ පැය භාගයක් ඇතුළත උද්ඝෝෂණය පාලනය කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.