25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රී ඇතුළු මන්ත්‍රීවරුන් 17ක් ඉවත් වෙයි

මෛත්‍රී ඇතුළු මන්ත්‍රීවරුන් 17ක් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළේය.

“හදිසි නීතිය පැනවීම ගැන අපි එකග වෙන්නේ නෑ. හදිසිනීතිය පැනවීම නිසා ජනතාවගේ පීඩාවන් වැඩිවෙනවා. රට දැන් වැටිලා තියෙන තත්ත්වයෙන් ජාත්‍යන්තරය පවා ඈත් වෙනවා. ඒ නිසා හදිසි නීතිය පැනවීම රට වශයෙන් ජනතාවගේ පැත්තෙනුත් හොඳ දෙයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි. මං කියන්නේ 19 වැනි සංශෝධනය නැවත ගෙන ආ යුතුයි. ජනතාවගේ නොසන්සුන්තාවය සංසිඳුවීම සඳහා රජය කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේ මර්දනය හොඳ එකක් නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 දෙනාම අද සිට ස්වාධීනව කටයුතු කරනවා. මාත් සමඟ නිමල්, මහින්ද, දයාසිරි, දුමින්ද, ලසන්ත, රංජිත් සියඹලාපිටිය ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් අද සිට පාර්ලිමෙන්තුවේ ස්වාධීන ව කටයුතු කරන්න තීරණය කළා.”