― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅද නව කැබිනට් මණ්ඩලය පත්වෙයි?

අද නව කැබිනට් මණ්ඩලය පත්වෙයි?

මේ දවස්වල රටේ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව තමයි දේශපාලනය. කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වුණා. තවම කැබිනට් එකක් පත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ. කොහොම වුණත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අගමැතිවරයා විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. කැබිනට එකක නැතුව රට පාලනය කරන්න බැරි නිසා ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියලා තමයි එහිදී තීරණය කරලා තියෙන්නේ.

එම තීරණයට අනුව නව කැබිනට් මණ්ඩලය අද පත්වෙයි කියලා තමයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ. රාජපක්ෂවරුන් ඉන්න මේ කැබිනට් මණ්ඩලයට නව මුහුණු ටිකක් එක්වීමට නියමිතයි. ඇමති ධුර බලාපොරොත්තුවෙන් ඉන්න හතර දෙනෙකුත් 117ක් දක්වා අඩු වී තිබූ මහින්දගේ කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඒ අනුව මහින්දගේ කණ්ඩායම 121ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව නම් චෝදනා කරන්නේ මෙම නව කැබිනට් මණ්ඩලයත් ඔළෙ ගෙඩි මාරුවක් විතරයි කියලයි.