― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවිමල් අදත් බැසිල්ගේ පලු අරියි

විමල් අදත් බැසිල්ගේ පලු අරියි

රටේ අර්බුදය විසඳා ගැනීමට යෝජනා කළ කිසිදු යෝජනාවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇහුම්කන් නොදුන් බවත් අර්බුදය විසඳනවා වෙනුවට එය උත්සන්න වීමට ඉඩ හැර ඔහුගේ දේශපාලන මැච් එක ගැසීමට කටයුතු කරමින් සිටි බවත් විමල් වීරවංශ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයේදීය.

“ද්විත්ව රටවැසියා, අවලස්සන ඇමරිකානුවා ඒ කිසිම අදහසකට ඇහුම්කන් දුන්නේ නැහැ.ඒ කිසිම අදහසක් සැලකිල්ලට භාජනය කළේ නැහැ. දැන් ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියල යනවා හැබැයි ඔය අවලස්සන අමරිකානුවා ගෙනාවා කැබිනට් පත්‍රිකාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා යුත්තේ ඇයි කියල. මොකද අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරු යෝජනා කළා මූල්‍ය අරමුදලට යන්න කියල. ඔහුට ඕන වුණා මේ අර්බුදය උත්සන්න වෙන්න ඉඩහරින්න. ඉඩ හැරලා එයාගේ දේශපාලන මැච් එක ඒක අස්සේ ගහන්න. ගෝඨාභය රාජපක්ෂටත් මේක එපාවෙලා දාලා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමා අතේ තියෙන අගමැතිකමත් අරගෙන එයට ජනාධිපති වෙන්න බැලුවේ. මුළු බලය තමා අතට ගන්න. අන්න ඒ ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් මේ අර්බුදය දිහා බලපු නිසා තමයි මේ විදිහේ උත්සන්න වෙන තැනකට මේ රට ආවේ.”